තුසිත හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තුසිත හල්ලොලුව ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහුට අදාළ නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී, සැකකරු ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව සැකකරු විදේශගතවීම තහනම් කිරීමට ද නියම කෙරුණු අතර, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කෙරුණා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව විසින් තමා ගමන්ගත් වාහනයට නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.