අමුත්තන් සඳහා පිටත්වීමේ පර්යන්ත ආලින්දයට ඇතුළුවීම පිළිබඳව මීට පෙර පනවා තිබූ සීමා කිරීම් සංශෝධනය කර ඇති බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පවසනවා.
ඒ අනුව, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණක්, රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ අමුත්තන් සඳහා පිටත්වීමේ පර්යන්ත ආලින්දයට ඇතුළුවීම නවතා දමා ඇති බවයි සඳහන් වන්නේ.
නව සංශෝධනයට අනුව, සිකුරාදා දිනයට මෙම සීමා කිරීම අදාළ නොවන බවද සඳහන්.
සියලුම ගුවන් මගීන්ගේ සහ ගුවන්තොටුපළ භාවිත කරන්නන්ගේ පහසුව සඳහා මෙම පියවර ක්‍රියාත්මක කරන බවයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.