ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ද ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රභලයින්ගේ මෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ 2025 වසරට අදාළව වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇත්තේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේයි.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් ඇතුළු කිහිප දෙනෙකුගේ වත්කම් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ඒ, අමාත්‍ය වසන්ත සමරසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව දැඩි අවධානයක් යොමුවීමත් සමගයි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ දේශපාලන නියෝජිතයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතු අතර අල්ලස් කොමිසම විසින් එම වත්කම් හා බැරකම් ප්‍රකාශ වෙබ් අඩවියේ පළකර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වත්කම් ද ඒ අතරට අයත්.
ඒ අනුව, 2025 වසරේ ජුනි මස 26 වැනිදා වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක සතුව වැටුප හැර චංචල සහ නිශ්චල දේපළ, ස්ථාවර තැන්පතු සහ බැංකු ගිණුම් මෙන්ම අතැති මුදල් ද සහිතව රුපියල් ලක්ෂ පන්සිය අසූ තුනකට අධික වත්කම් පවතිනවා.
නිශ්චල දේපළ යටතේ, පර්චස් 20ක ඉඩම සමග නිවසක් පවතින අතර එහි වටිනාකම රුපියල් මිලියන 40ක්.
එසේම රුපියල් 1,125,000ක් වටිනා පවුම් 4හමාරක ස්වර්ණාභරණ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුල සතුව තිබෙන බවද එම වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන්.
ජනාධිපතිවරයාගේ පරම අයිතිය සතු වාහන පිළිබඳවත් එම වත්කම් ප්‍රකාශයේ දක්වා ඇති අතර ඒ අනුව රුපියල් මිලියන 15ක් වටිනා ටොයොටා හයිලුක්ස්
වර්ගයේ ද්විත්ව කාර්ය වාහනයක් ජනාධිපතිවරයා සතුව පවතිනවා.
මීට අමතරව ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ බැංකු ගිණුම් 3ක රුපියල් 1,377,435යි ශත 44ක මුදලක් පවතිනවා
මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ වත්කම් බැරකම් ප්‍රකාශ ද අල්ලස් කොමිසම මගින් ප්‍රසිද්ධ කර තිබුණා.
ඇය ඒවා භාර දී තිබුණේ 2025 වසරේ ජූලි 14වැනි දායි.
අග්‍රාමාත්‍යවරිය සතු නිශ්චල දේපළ අතර අක්කර 8කට වැඩි රුපියල් 4,255,615ක් වටිනා ඉඩමක් හා 6,300,000ක වටිනාකමකින් යුත් තවත් ඉඩම්
කිහිපයක් ද වනවා.
මීට අමතරව රුපියල් මිලියන 7ක වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ අග්‍රමාත්‍යවරිය සතුව පතින බව එම වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්.
බැංකු සහ මූල්‍ය ආයතනවල ඇය ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් 6,842,604ක් වන අතර තවත් බැංකු ගිණුම් දෙකක රුපියල් 3,396,351යි ශත75ක
ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් ද ඇය සතුයි.
2025 ජූනි 29වැනි දින වනවිට අග්රමාත්යවරියගේ බැංකු ගිණුම් සහ අතැති මුදල් ලෙස අමෙරිකා ඩොලර් 500ක් සහ රුපියල් 685,951ක් දැක්වුණා.
කෙසේ වෙතත් ඇය සතුව වාහන හෝ වෙනත් චංචල දේපළ කිසිවක් නොමැති බව ද ඇය අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්.
ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සතුව ඇති මුළු වත්කම් ප්‍රමාණය ලක්ෂ 270කට අධිකයි.
අමාත්‍ය බිමල් රත්නායක ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත භාර දී ඇති අතර ඔහු සතුව රුපියල් 6,000,000ක් වටිනා පර්චස් 20ක ඉඩම සහිත නිවසක් පවතින බව එහි සඳහන් කර තිබෙනවා.
එමෙන්ම බිමල් රත්නායක මහතා සහ ඔහුගේ පවුල සතුව චංචල දේපළ ලෙස 1,310,000ක් වටිනා පවුම් 7ක පමණ ස්වර්ණාභරණ පවතින අතර මිලියන 15ක් වටිනා ටොයෝටා හයිලක්ස් වර්ගයේ ද්විත්ව කාර්යය වාහනයක් ද ඔහු සතුයි.
බිමල් රත්නායක අමාත්‍යවරයා සහ ඔහුගේ පවුල සතු බැංකු ගිණුම් 10ක මේ වසරේ ජුනි 27වන දින වන විට රුපියල් 2,745,794ක් පවතින බවද එම ප්‍රකාශයේ ඇතුළත්.
ඒ අනුව රුපියල් ලක්ෂ 250කට අධික වටිනාකමකින් යුත් චංචල හා නිෂ්චල දේපල බිමල් රත්නායක මහතා හා ඔහුගේ පවුල සතුයි
අමාත්‍ය විජිත හේරත් මහතා පර්චස් 104ක ඉඩම සහ නිවස රුපියල් 7000කට මිලදී ගෙන ඇති බවත් රුපියල් මිලියන 10ක් වටිනා පර්චස් 20ක තවත් වානිජ ගොඩනැගිල්ලක් පවතින බවත් ඔහු ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්.
එමෙන්ම රුපියල් මිලියන 12ක් සහ මිලියන 15ක් වටිනා ටොයොටා ඩබල් කැබ් වර්ගයේ වාහන 2ක්ද ඔහු සතුයි.
ඔහුගේ බැංකු ගිණුම් 5ක රුපියල් 575,276ක මුදලක් පවතින බවත් එහි සඳහන් ඒ අනුව ඔහුගේ මුළු වත්කම රුපියල් ලක්ෂ 370කට අධිකයි
අමාත්‍ය නලින්ද ජයතිස්ස ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත භාර දී ඇති අතර ඔහු සහ ඔහුගේ පවුල සතු නිශචල දේපළ අතර රුපියල් කෝටියක් වටිනා පර්චස් 30ක ඉඩම සමග නිවසක්, තවත් රුපියල් කෝටියක් වටිනා පර්චස් 16ක ඉඩම සමග නිවසක්, රුපියල් එක්කෝටි 75 ලක්ෂයක් වටිනා පර්චස් 6ක ඉඩම සමග නිවස සහ තවත් රුපියල් එක්කෝටි හැත්ත පහක ලක්ෂයක් වටිනා පර්චස් 7.5 ඉඩමක් සමග නිවසක් වනවා.
එමෙන්ම අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ ඔහුගේ පවුල සතුව ලක්ෂ 31ක් වටිනා ස්වර්ණාභරණ පවතින අතර ලක්ෂ 213ක ටොයෝටා හයිලක්ස් වර්ගයේ වාහන 2ක් සහ ෂෙව්රලේ වර්ගයේ මෝටර් රථයක් ඔහු සතුයි.
මීට අමතරව බැංකු සහ මූල්‍ය ආයතන කිහිපයක තනි සහ බද්ධ ගිණුම්වල රුපියල් 4,768,750ක මූල්‍ය වත්කම් ද ඔහු සතුව පවතිනවා.
ඒ අනුව ඔහුගේ මුළු වත්කම්වල වටිනාකම කෝටි 8කට අධිකයි.
මේ අතර 2025 වසර සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මෙතෙක් ඉදිරිපත් කර නැහැ.
පාාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ වත්කම් බැරකම් ප්‍රකාශ ද අල්ලස් කොමිසම මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
එ අනුව ඔහු සතු නිශ්චල දේපළ අතර රුපියල් 5,500,000ක වටිනාකමකින් යුත් ඉඩමක්ද තවත් ඉඩම් කිහිපයක තොරතුරුද දක්වා තිබෙන අතර ඒවායේ වටිනාකම සඳහන් කර නැහැ.
ඊට අමතරව ඔහුගේ චංචල දේපළ ලෙස මෝටර් රථ දෙකක් සහ ටොයෝටා වර්ගයේ ජීප් රථයක් සඳහන් කර ඇතත් ඒවායේ වටිනාකමද සඳහන් කර නැහැ.
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා රුපියල් මිලියන 39ක මුදල් වැයකරමින් පෞද්ගලික ආයතන දෙකක කොටස් මිලදී ගෙන ඇති බවයි මෙම ප්‍රකාශයේ සඳහන් වන්නේ.
මෙම ප්‍රකාශයේ දැක්වෙන පරිදි නාමල් රාජපක්ෂ මහතාගේ මූල්‍යමය වත්කම් රුපියල් මිලියන 124කට අධිකයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සතු නිශ්චල දේපළ ලෙස රුපියල් මිලියන 92ක් වටිනා පර්චස් 36ක ඉඩමක්, රුපියල් මිලියන 80ක් වටිනා අක්කර 3.7ක ඉඩමක්, රුපියල් මිලියන 40ක් වටිනා අක්කර 7ක ඉඩමක් සහ රුපියල් මිලියන 4ක් වටිනා අක්කර 8.5ක ඉඩමක් සටහන් කර තිබුණා.
මීට අමතරව තවත් මිලියන 52ක් වටිනා ඉඩම් 6ක තොරතුරුද මෙම ප්‍රකාශයේ සදහන්.
එමෙන්ම චංචල දේපළ යටතේ රුපියල් මිලියන 22.9ක් වටිනා වාහන 5ක් සම්බන්ධයෙන්ද මෙහි සඳහන් කර තිබෙනවා.
චංචල දේපල යටතේ මිලියන 14ක් වටිනා ස්වර්ණාභරණ රංජිත් මද්දුම බංඩාර මහතා සතුව ඇති බවයි මෙහි සඳහන් වන්නේ.
එමෙන්ම රුපියල් මිලියන 7.5කට ආසන්න ඔහුගේ මූල්‍යමය දේපළද මෙම ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර මහතා සතුව ඇති මුළු වත්කම් රුපියල් කෝටි 31කට අධිකයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ද අල්ලස් කොමිසම මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
එ අනුව ඔහු සතු නිශ්චල දේපළ අතර රුපියල් මිලියන 662කට ආසන්න වටිනාකමකින් යුත් ඉඩම්, නිවාස සහ වතු තිබෙන බවයි මෙම වාර්තාවේ
දක්වා ඇත්තේ.
එමෙන්ම චංචල දේපළ යටතේ SUV සුඛෝපගෙී මොටර් රථ 2ක්, බජාජ් ත්‍රී රෝද රථයක්, අවුඩි Q2 වර්ගයේ ජීප් රථයක් ටොයොටා ට්‍රක් රථයක් මෙම ප්‍රකාශයේ
දක්වා ඇති අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් මිලියන 129.2ක් ලෙසයි දැක්වෙන්නේ.
ඊට අමතරව ඔහු පෞද්ගලික ආයත දෙකක කොටස්ද මිලදී ගෙන ඇතත් එහි වටිනාකම මෙම වත්කම් බැරකම් ප්‍රකාශයේ දක්වා නැහැ.
තවද ඔහු සතු සතුව ශ්‍රී ලංකා රුපියල්, අමෙරිකානු ඩොලර් සහ බ්‍රිතාන්‍ය පවුම් වශයෙන් මූල්‍ය වත්කම්ද ප්‍රකාශ කර තිබුණා.
එ අනුව ඔහු සතුව රුපියල් මිලියන 24කට ආසන්න මුදලක්, අමෙරිකානු ඩොලර් 141,941ක මුදලක් සහ බ්‍රිතාන්‍ය පවුම් 2,038ක මුදලක් මෙම වත්කම් බැරකම්
ප්‍රකාශයේ දක්වා තිබෙනවා.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත භාර දී ඇති අතර ඔහු සතුව රුපියල් මිලියන 235ක වානිජ ගොඩනැගිලි සහ රුපියල් මිලියන 10ක් වටිනා පර්චස් 40ක ඉඩම සහ නිවසක් සතු බව එහි සඳහන්.
එමෙන්ම රුපියල් මිලියන 6.5ක සෝලා පද්ධති දෙකක්ද ඔහු සතුව තිබෙනවා.
එමෙන්ම අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සතුව චංචල දේපළ ලෙස රුපියල් 4,550,000 ක ස්වර්ණාභරණ තිබෙන අතර රුපියල් ලක්ෂ 150ක් වටිනා ටොයොටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්ද ඇති බව ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්.
එමෙන්ම ඔහු සතුව රුපියල් 3,153,850 ක මුදලක් බැංකු ගිණුම්වල තිබෙන අතර සමාගම් කොටස් 21,000ක් මිලට ගෙන ඇති අතර එහි වටිනාකම සඳහන් කර නැහැ.
රුපියල් 15,300,000ක ආදායමක් ලැබෙන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහට භාර දුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති අතර අමෙරිකානු ඩොලර් 3000ක ඩිජිටල් මුදල් වත්කමක්ද ඔහු සතුව පවතින බව සඳහන්.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත භාර දී ඇති අතර ඔහු සතුව රුපියල් මිලියන 76ක් වටිනා පර්චස් 142.5ක ඉඩම් සහ නිවාස පවතින අතර ඔහු ලබන වාර්ෂික ආදායම රුපියල් 9,678,185 ක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා .