හැටන් ප්‍රදේශයේදී ගිලන් රථයක් අනතුරකට ලක්වෙයි

අද (18) දහවල් හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ්, වෙන්චර් වත්ත ප්‍රදේශයේදී ගිලන් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූලික රෝහල දක්වා රෝගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති අතර, රෝගීන් දෙදෙනා වෙනත් ගිලන් රථයකින් දික්ඔය මූලික රෝහල වෙත යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

නෝර්වුඩ් පොලීසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.