පාසල් වේලාව තුළ ඛනිජ ප්‍රවාහනයට පැනවූ කොන්දේසි සංශෝධනය කෙරේ

පාසල් පැවැත්වෙන දිනවලදී, පාසල් වේලාව තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවීම සම්බන්ධයෙන් පනවා තිබූ නව කොන්දේසිය සංශෝධනය කර තිබෙනවා.

නව කොන්දේසිය අනුව, ඉදිකිරීම් කර්මාන්තයට දහවල් කාලයේදී ඛනිජ ප්‍රවාහනයට ඇති වන දැඩි බලපෑම මත, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින කර්මාන්තකරුවන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගෙන සහ ඔවුන්ට ඇති වන අපහසුතා සලකා බලා මෙම සංශෝධනය සිදු කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, පෙ.ව. 6.30 සිට පෙ.ව. 7.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා කාලය තුළ පාසල් අසල සහ සිසුන් පාර මාරු වන ස්ථාන අසල ඛනිජ ප්‍රවාහන කටයුතු, වාහනවල වේගය සීමා කරමින් පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.