දිගුකාලීන වකුගඩු රෝග හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයන් 05 දෙනෙකු පමණ මියයෑමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසනවා.
දිගුකාලීන වකුගඩු රෝග හේතුවෙන්, 2023 වසරේදී මෙරට පුද්ගලයන් 1,600 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි එම ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න විසින් මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ.
වකුගඩු රෝග ලක්ෂණ ප්‍රමාද වී මතුවන බැවින්, බෝ නොවන රෝග ඇති පුද්ගලයන් වකුගඩු පරීක්ෂාවන් සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි වෛද්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.