ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ඉදිරිපත් කළ පෙත්සම සැප්තැම්බර් 24 කැඳවීමට නියෝග

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල  විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වැනිදා කැදවන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කාර උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණා.