හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ 119 වැනි ජන්ම දින සැමරුම අද (17) පැවැත්වෙනවා. මෙම උත්සවය කොළඹ පිහිටි ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
සමරු දේශනය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු විසින් සිදු කරනු ලබන අතර, උත්සවය සංවිධානය කරන්නේ ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රය විසිනුයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජීය ක්ෂේත්රයන්ට ජේ. ආර්. ජයවර්ධන කළ බලපෑම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ බව ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රය පවසනවා.