කීරි සම්බා මෙට්‍රික් ටොන් 40,000ක් ගෙන්වීමට සැලසුම්

වෙළෙඳපොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට රජය මැදිහත් වෙමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අස්වනු සම්බන්ධයෙන් තබන ලද ඉලක්කවලට ගොවීන් ළඟා වී ඇති නමුත්, වගා කිරීමේදී කීරි සම්බා වගා කර ඇත්තේ 7% ක් පමණක් බවත්, කීරි සම්බා වගා කර ඇති ප්‍රමාණය අඩු වී ඇති බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ඒ අනුව, කීරි සම්බා මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කිරීමට අනුමැතිය ලබාගෙන ඇති බවත්, අවශ්‍ය වුවහොත් එම ප්‍රමාණය ගෙන්වීමට හැකි බවත් ඔහු පවසා සිටියා. 

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.