ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව, වසන්ත සමරසිංහ, සුනිල් වටගල, බිමල් රත්නායක, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති සහ නලින්ද ජයතිස්ස යන අමාත්‍යවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.
අදාළ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කර ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශවල සඳහන් දේපළ ඔවුන් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි ඔහු සිය පැමිණිල්ල මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.