පාසල් පැවැත්වෙන දිනවල කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු සංශෝධන සහිත කොන්දේසි මාලාවක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
මේ අනුව, අද සිට පාසල් පැවැත්වෙන දිනවන පෙරවරු 6.30 සිට පෙරවරු 7.45 දක්වා සහ පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා වූ කාල සීමාවන් තුළ කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහන කටයුතු වේග සීමා යටතේ පොලිසියේ අධීක්ෂණය මත සිදුකළ යුතුයි.
මීට පෙර පැනවු කොන්දේසි වලින් එම ප්‍රවාහන කටයුතු අදාළ කාලය තුළ අත්හිටුවා තිබුණා.