පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රෝහණ විහාරය අසලදී කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පදික මාරුව අසල නවතා තිබූ යතුරුපැදියක හා කාර් රථයක ගැටී ඊයේ (16) සවස අනතුරක් සිදුව ඇත.
අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ කාන්තාවකගේ අතෙහි සිටි කුඩා දැරියක් සහ දරුවෙකු බරපතල තුවාල ලබා රිජ්වේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කුඩා දැරිය මියගොස් ඇත.
තවද ඉහත දරුවන්ගේ මව, ත්‍රීරෝද රථයේ රියදුරු හා ත්‍රීරෝද රථයේ ගමන් කල තවත් පුද්ගලයෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
මරණකාරිය වයස මාස 03 දින 23 ක් වූ පට්ටිය හන්දිය, කැළණිය ප්‍රදේශයේ පදිංචි දැරියකි.
මෘත ශරීරය කොළඹ රිජ්වේ ළමා රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.