පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අධිචෝදනා භාර දී තිබෙනවා.
අධිචෝදනා භාර දීමෙන් පසුව, මෙම විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මේ වන විට විත්ති පාර්ශ්වයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් සිටින බවයි සඳහන් වන්නේ.