අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීමට අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අරුණි රණරාජාගේ නම හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ලෙස යූ.ජී. රංජිත් ආරියරත්නගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලෙස ඒ.පී.එල්. ප්‍රනාන්දු සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ලෙස ජේ.එම්.එස්.එන්. ජයසිංහගේ නම් ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.