SSP සතිෂ් ගමගේ 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.