2025 රේගු ආදායම රුපියල් බිලියන 1,400 ඉක්මවයි

2025 වසරේ ගත වූ මාස 08 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,471 ක ආදායමක් ලබා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සීඝ්‍ර වර්ධනයක් වන බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

රේගුව පසුගිය අගෝස්තු මාසයේ පමණක් ලබා ඇති ආදායම රුපියල් බිලියන 244 ක් වන අතර, ජූලි මාසයේදී රුපියල් බිලියන 231 ක්ද, ජූනි මාසයේදී රුපියල් බිලියන 200 ක්ද උපයා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.