තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.
ඒ අනුව, අදාළ ප්‍රකාශය නිර්මාණය කළ සහ සමාජ මාධ්‍ය හරහා එය ප්‍රචාරය කළ පාර්ශ්වයන්ට එරෙහිව සිවිල් හා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් තමා මිල දී ගෙන ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදු වෙමින් පවතින බවත්, අදාළ ප්‍රචාරය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ එය සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචාරයක් වන බවයි.
එම ප්රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, පක්ෂය සහ මහජනතාව තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් සිදු වන කටයුත්තක් තමා විසින් සිදු කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.