නව ශක්‍යතා අධ්‍යයනයකින් පසු ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා.
ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් පසුගිය 09 වැනිදා රැස්වූ අවස්ථාවේදී මේ බව පැවසුවා.
මෙම රැස්වීමේදී ඔලුවිල් ධීවර වරාය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
නිසි අධ්‍යයනයන් සිදු නොකර ඔලුවිල් වරාය ඉදිකිරීමෙන් සිදුවන හානිය නිවැරදි කිරීම සඳහා නව ශක්‍යතා අධ්‍යයනයන් සිදු කරන බවත්, ඒ මත පදනම්ව අනාගත සැලසුම් සකස් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මීට අමතරව, වාලච්චේන ප්‍රදේශයේ ධීවර වරාය 2026 දී නව පහසුකම් සහිත පුළුල් ධීවර වරායක් බවට පත් කිරීමටත් නියමිතයි.
එම ප්‍රදේශයේ ධීවර කර්මාන්ත සඳහා අවශ්‍ය අයිස් නිෂ්පාදනයට කර්මාන්ත ශාලාවක් පිහිටුවීමටත් සැලසුම් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලංකා ධීවර සංස්ථාව ඈවර කිරීමට පවතින රජයේ ආයතන ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාව පිළිබඳව විමසුවා.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා එම වාර්තාවන් සත්‍ය නොවන බවයි කියා සිටියේ.
රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවත් අසත්‍ය වාර්තා පලවීම කෙසේ වුවාද යන්න පිළිබඳව අමාත්‍යාංශයටද ගැටලුවක් බවද වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය පැවසුවා.