චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (15) රාත්‍රී කාලයේ දිවයිනෙන් පිටත්ව ගියා.
ඒ අනුව පොලිස්පතිධූරයේ වැඩ බැලීම සඳහා පත්කර ඇත්තේ මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතායි.
ලලිත් පතිනායක මහතා මෙයට පෙර අවස්ථා 04කදීම වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතුකර තිබුණා.
ප්‍රියන්ත වීරසූරිය මහතා චීනයේ පැවැත්වෙන සමුළුවේදී දේශනයක්ද පැවැත්වීමට නියමිතව ඇතැයි ද පොලිස් තොරතුරු සඳහන් කළා. ඔහු ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
චීනය විසින් ශ්‍රී ලංකා පොලීසියට පුහුණු පාඨමාලා රැසක් ලබාදී තිබෙනවා. ඒ අනුව පොලිස් නිලධාරින් කණ්ඩායම් රැසක්ම චීනයට ගොස් පුහුණු පාඨමාලාවල මේ වන විටත් නිරතව ඇත. මේ දිනවලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු පොලිස් කණ්ඩායමක්ම චීනයේ පුහුණුව ලබමින් සිටිනවා.