පිරානා‍, රෙඩ් ලයින් ස්නේක් හෙඩ් ඇතුළු ආක්‍රමණශීලි මත්ස්‍ය විශේෂ 4 ක් මෙරට තහනම් කෙරේ

ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කිරීමට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පිරානා, නයිෆ් ෆිෂ්, ඇලිගේටර් ගාර් සහ රෙඩ් ලයින් ස්නේක් හෙඩ් යන ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ සඳහා මෙම තහනම පනවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා.

ඉහත සඳහන් මත්ස්‍ය විශේෂ බෝ කිරීම, ජල පද්ධතිවලට මුදා හැරීම, ගොඩට ගෙන ඒම, ප්‍රවාහනය කිරීම, මිල දී ගැනීම, විකිණීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, භාරගැනීම, සන්තකයේ තබා ගැනීම, ආනයනය කිරීම සහ අපනයනය කිරීම නොකළ යුතු බවයි සඳහන් වන්නේ.

එසේම, මෙම නියෝගයන් අනුව ‘ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ’ ලෙස හඳුන්වා ඇත්තේ අනෙකුත් මත්ස්‍ය විශේෂයන්ට හානිදායක ලෙස අධික ගහන ඝනත්වයකින් වේගවත්ව පැතිරී යන විලෝපිත මත්ස්‍ය විශේෂයන් නිසා බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.