දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් එක් කාන්තාවක් මියගොස්, 06 කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර සිදුවූ අනතුරකින් එක් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

අද (16) අලුයම් කාලයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක, පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, එක් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම රෝහලටත්, ළමුන් තිදෙනෙකු කළුබෝවිල රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

එහිදී හෝමාගම රෝහලට ඇතුළත් කළ එක් කාන්තාවක් මියගොස් ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ, 35 හැවිරිදි කාන්තාවක් බවයි සඳහන් වෙන්නේ.

අනතුර සම්බන්දයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.