ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 04 කට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියා මාර්ගය තීව්ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා.
මෙතෙක් සිදුකළ අකුරට වැඩ කිරීමේ පළමු ක්‍රියාමාර්ගය ඊයේ (15) දිනයෙන් අවසන් වූ බවත්, අද (16) සිට එහි දෙවැනි පියවරට එළඹීමට සිය සංගමය තීරණය කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ඉදිරියේදී රැකියාවට අමතරව ටෙන්ඩර් කමිටු සඳහා සම්බන්ධ වීම හා අනෙකුත් කමිටුවලින් ඉවත් වීමට ද කටයුතු කරන බවත්, හෙට (17) සහ අනිද්දා (18) සියලු සේවකයන් කණ්ඩායම් දෙකක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත බවත් ඔහු පැවසුවා.
රජය විසින් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව එම දින 02 තුළ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට ද තීරණය කර ඇති බව ඔහු සඳහන් කළා.
අදාළ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු අයුරකින් කාර්යාල වසා දැමීමක් හෝ වෙනත් කිසිදු ක්‍රියාවලියක් සඳහා බාධා සිදු කිරීමක් සිදු නොකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.