චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගි වීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
පොලිස්පතිවරයා ඊයේ (15) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.