කොළඹ ප්රදේශ කිහිපයකට අනිද්දා (18) දිනයේදී පැය 09 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, 18 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
කොළඹ 01 සිට 15 දක්වා ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර, ඊට අමතරව, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන සහ මොරටුව යන ප්රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
අඹතලේ ජල පවිත්රාගාරයට ජලය ලබා ගන්නා ප්රධාන පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින්, අඹතලේ ජල පවිත්රාගාරයෙන් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.