සීගිරිය කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට

ලෝක උරුමයක් වන සීගිරිය කැටපත් පවුරට හානි වන ලෙස එහි කුරුටු ගෑ තරුණියක් සීගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණියක් බවයි පොලීසිය සඳහන් කළේ.

ඇය තවත් කිහිප දෙනෙකු සමඟ සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේදී මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.