විදුලිබල සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීම ගැන තීරණය අද

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 04 කට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව වෘත්තීය සමිති පවසනවා.

පසුගිය සතියේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදියර 03 ක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණු අතර, එහි පළමු අදියර ලෙස අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් පසුගිය 04 වැනිදා සිට ආරම්භ කර තිබුණා.

කෙසේ නමුත්, බලධාරීන් සිය ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් සාකච්ඡාවක් හෝ ලබාදීමට කටයුතු කර නොමැති බවත්, ඒ අනුව, අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව තීරණයක් ගන්නා බවයි අදාළ වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කර සිටියේ.