විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම 18 වැනිදා ඇරඹේ

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ වාචිකව මහජන අදහස් විමසීම ලබන 18 වැනිදා ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් එහි පළමු සැසිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ.

විදුලිය ගාස්තු වැඩි කිරීම පිළිබඳ ලිඛිත යෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 වැනිදායින් අවසන් වන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.