නව රුපියල් 2,000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2,000 සමරු නෝට්ටුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බවයි මහ බැංකුව සඳහන් කළේ.

මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටිනවා.

ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ, නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍යයන් හරහා මුදල් සංසරණයට අනුගත වීම සිදුවන අතර, ඒ සඳහා ගතවන කාලසීමාව තුළ මහජනතාව දක්වන සහයෝගය ඉතා අගය කොට සලකන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

 news images