මාදුරුඔය හෙලිකොප්ටර් අනතුරින් මියගිය පිරිසගේ මරණවලට හේතුව අධිකරණයෙන් තහවුරු වෙයි

මාදුරුඔය හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් සහ යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන් හය දෙනාගේ මරණවලට හේතුව, යානය මාදුරුඔය ජලාශයට කඩා වැටීම නිසා, එහි සිට අය දියේ ගිලීම බවට අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

යානය ජලාශයට කඩා වැටීමේදී යම් අපරාධමය වරදක් සිදු වී ඇත්ද යන්න විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා මීට පෙර දෙහිඅත්තකණ්ඩිය පොලීසියට නියෝග කිරීමෙන් පසුව, දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාළ විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා පුහුණු කඳවුරේ පැවති විසිරයාමේ උත්සවයකට සමගාමීව පැවති නිදර්ශන චාරිකාවක නිරතව පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටීමෙන්, එහි සිටි ගුවන් සහ යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන් හය දෙනෙකු පසුගිය මැයි මාසයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණා.