බැකෝ සමන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ ලබා දුන් තොරතුරු මත ඔහුගේ තවත් සමීපතමයෙක් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, ජීව උණ්ඩ 40ක් සහ හෙරොයින් ග්‍රෑම් 250ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පසුගිය 13 වැනිදා ද ‘බැකෝ සමන්’ ගේ තවත් සමීපතමයෙකු ගිනිඅවියක් සමඟ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.