සිගිරි කැටපත් පවුරේ කොණ්ඩා කට්ටෙන් අකුරු ලියු තරුණිය ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා අද ( 15) නියෝග කළේය .
මෙසේ බන්ධනාගාර ගතවූයේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන මුත්තු කුමාරි නිරංජලා නම් 21 හැවිරිදි තරුණියකි
සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්රීසි අකුරු හයක් ලියු බවට සැකකරන විසි එක් හැවිරිදි තරුණියක් සැකපිට ඊයේ (14) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය කියයි
අවිස්සාවේල්ල ප්රදේශයේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් සීගිරිය නැරඹීම සඳහා පැමිණ තිබුණු අතර ඉන් අතරින් එක තරුණියක් තම හිසේ ගසා තිබු කොණ්ඩකටුවක් රැගෙන සීගිරිය කැටපත් පවුරේ අක්ෂර ලියනු දුටු පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ
පසුව මෙම තරුණිය සීගිරිය පොලිසියට භාරදීමට පියවර ගත් බව සීගිරිය පුරාවිද්‍යා කලාප භාර නිලධාරී ධනුක උදයංග මහතා සඳහන් කළේය
මෙම ස්ථානයේ කැටපත් පවුරේ ඇති වැදගත්කම සහ ඊට ස්පර්ශ කිරීම අකුරු ලිවීම සහ හානි කිරීම තහනම් බව භාෂා ත්‍රිත්වයෙන්ම දැනුවත් කොට ආරක්ෂාව සඳහාද නිලධාරීන් යොදවා සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු පවසති
අත්අඩංගුවට පත් තරුණිය සමග පැමිණි පිරිසක් චාරිකාව අවසන් කොට පිටව ගොස් තිබුණි.
දෙමව්පියන් සීගිරිය පොලිසියට පැමිණ තිබුණු අතර ඇයගේ පියා සඳහන් කළේ තම දියණිය ප්‍රථම වතාවට සීගිරියට පැමිණි බවය
සීගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් කුමාර මහතා සඳහන් කළේ පුරාවිද්‍යා පනත අනුව සැකකාරිය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල බවයි.