බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත රක්ෂිතයේ ගින්නක්

බලංගොඩ, බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත රක්ෂිතයේ ඊයේ (14) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න තවදුරටත් පැතිර යමින් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශය පුරා පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.