ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු අත්අඩංගුවට

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කොටවිල කරණ්දෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු අත්අඩංගුවට ගත් අවස්තාවේ දී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙහු ,කරණ්දෙනිය ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

මේ දක්වා සිදු කල පරීක්ෂන වලදී අනාවරණය වී ඇත්තේ පසුගිය 11 වනදා කරණ්දෙනිය කැබැල්ලගොඩ ප්‍රදේශයේදී කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයට ද මෙම සැකකරු සම්බන්ධ බවටයි.