ට්‍රම්ප්ගෙන් ලෝකයට ලියුමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝකයටම ලිපියක් ලියා තිබෙනවා.

ධවල මන්දිරය පවසන්නේ ට්‍රම්ප් මේ ලිපිය සියලුම නෙටෝ රාජ්‍යයන් ඇතුළුව ලෝකය වෙත ලියා ඇති බවයි.

රුසියා-යුක්‍රේන යුදධය සම්බන්ධයෙන් නෙටෝ රාජ්‍යයන් වෙත ඍජුව කටයුතු කරන ලෙස අවධාරණය කරන මෙම ලිපියෙන් තවදුරටත් පවසන්නේ ට්‍රම්ප් කියන දේ කළහොත් ඒම යුද්ධය අවසන් වනු ඇති බවයි.

ඒපමණක් නොව චීනයට පනවා ඇති බදු ද ඉවත් වනු ඇති බව ඔහු අවධාරණය කර තිබෙනවා.

මේ වනවිට රුසියාව වෙත යුක්‍රේන යුද්ධය අවසන් කිරිමට බලපෑම් කිරීම පූර්ණ වශයෙන් ට්‍රම්ප් නවතා ඇති බවයි ඔහුගේ ක්‍රියාකලාපයෙන් පෙනී යන්නේ.

කෙසේවෙතත් මෙම ලිපියෙන් නෙටෝ රාජ්‍යයන් වෙත චෝදනාත්මකව කරුණු දැක්වීම ද දැකගත හැකියි.

එම ලිපිය පහතින් දැක්වෙනවා.

“සියලුම නේටෝ ජාතීන් එකඟ වී එකම දේ කිරීමට පටන් ගත් විට සහ සියලුම නේටෝ ජාතීන් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවත්වන විට රුසියාවට එරෙහිව ප්‍රධාන සම්බාධක පැනවීමට මම සූදානම්.

ඔබ දන්නා පරිදි, ජයග්‍රහණය සඳහා නේටෝවේ කැපවීම 100% ට වඩා බෙහෙවින් අඩු වී තිබෙනවා.ඇතැමුන් රුසියානු තෙල් මිලදී ගැනීම කම්පනයට කරුණක්! එය රුසියාව කෙරෙහි ඔබේ සාකච්ඡා ස්ථාවරය සහ කේවල් කිරීමේ බලය බෙහෙවින් දුර්වල කරන්නක්.

කෙසේ වෙතත්, ඔබ ලෑස්ති නම් මමත් සූදානම්. කවදාදැයි කියන්න? මම මෙය විශ්වාස කරනවා, නේටෝවකණ්ඩායමක් ලෙස, චීනයට 50% සිට 100% දක්වා තීරුබදු පැනවීම, රුසියාව සහ යුක්රේනය සමඟ යුද්ධය අවසන් වූ පසු සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමටත්, මෙම මාරාන්තික, නමුත් හාස්‍ය්‍යජනක යුද්ධය අවසන් කිරීමටත් විශාල උපකාරයක් වේවි කියලා.

චීනයට රුසියාව කෙරෙහි ශක්තිමත් පාලනයක් සහ ග්‍රහණයක් තිබෙනවා. මෙම බලගතු තීරුබද්ද එම ග්‍රහණය බිඳ දමනු ඇති. මෙය ට්‍රම්ප්ගේ යුද්ධය නොවේ (මම ජනධිපති වුණා නම් එය කිසි විටෙකත් ආරම්භ වෙන්නේ නෑ!), එය බයිඩන්ගේ සහ සෙලෙන්ස්කිගේ යුද්ධයයි. මම මෙහි සිටින්නේ එය නැවැත්වීමට සහ රුසියානු සහ යුක්රේන ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට පමණයි. (පසුගිය සතියේ ජීවිත 7,118 ක් අහිමි වුණා. පිස්සුවක්!).

නේටෝව මා කියන විදියට කළහොත්, යුද්ධය ඉක්මනින් අවසන් වෙනවා.ඒ සියලු ජීවිතත් බේරේවි! එසේ නොවේ නම්, ඔබ මගේ කාලය සහ අමෙරිකාවේ කාලයත්, ශක්තියත් සහ මුදල් ද නාස්ති කරමින් ඉන්නවා.

මේ කාරණය කෙරෙහි ඔබේ අවධානයට ස්තූතියි!

ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති”