2026 සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නියමිත කාලයට

2026 වසරේ සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නියමිත කාලයට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොවිඩ් වසංගතය සමඟ මෙරට පාසල් වාර සහ විභාග පැවැත්වෙන කාලසීමාවන් වෙනස් කර තිබූ අතර, 2026 සිට එය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබෙනවා.

ඒ අනුව:

* 2026 උසස් පෙළ විභාගය සුපුරුදු පරිදි අගෝස්තු මාසයේදී පැවැත්වේ.

* 2025 (2026) සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි මාසයේදී පැවැත්වේ.

* 2026 සාමාන්‍ය පෙළ විභාගය සුපුරුදු පරිදි දෙසැම්බර් මාසයේදී පැවැත්වේ.