ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.
තුවාලකරුවන් දෙදෙනා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
වැලිමඩ, උඩපේරුව මාර්ගයේ වැලිමඩ සිට උඩපේරුව දෙසට ගමන් ගත් ලොරි රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීවිල් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා බවයි පොලිසිය පවසන්නේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා බදුල්ල මහරෝහලට මාරුකර යැවූ බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.