ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කළේ, කටාර් රාජ්‍යයේ සිටින හමාස් සංවිධානයේ ප්‍රධානීන් ඉවත් කිරීම මඟින් සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සහ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට ඇති ප්‍රධාන බාධාව ඉවත් කළ හැකි බවයි.
ඔහු මෙම ප්‍රකාශය කළේ, සටන් විරාම සාකච්ඡා සඳහා එක් ස්ථානයක් ලෙස ක්‍රියා කරමින් සිටි කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පිහිටි හමාස් නායකත්වය ඉලක්ක කර ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවයි.
හමාස් සංවිධානයට අනුව, ගාසා තීරයෙන් පිටුවහල් කරන ලද නායකයා වන කලීල් අල්-හයියාගේ පුත්‍රයෙකු ඇතුළු සාමාජිකයින් පස් දෙනෙකු මෙම ප්‍රහාරයෙන් මිය ගිය නමුත්, එහි ජ්‍යෙෂ්ඨ නායකයින් සහ සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයින් දිවි ගලවා ගෙන තිබෙනවා.
කටාර් රාජ්‍යය පවසා ඇත්තේ, තම අභ්‍යන්තර ආරක්ෂක අංශයේ සාමාජිකයෙකු ද මෙහිදී මියගොස් ඇති බවයි.