ළමා හා මාතෘ සායනයන්හි වෛද්‍ය මධ්‍යස්ථානයන් ආරම්භ කිරිමට යයි

රජයේ රෝහල්වල දැනට පවතින අධික තදබදය මඟහරවා ගැනීමේ අරමුණින් ළමා හා මාතෘ සායනයන්හි වෛද්‍ය මධ්‍යස්ථානයන් ආරම්භ කිරිම රජයෙ තීරණය කර තිබෙනවා.

මෙහි පළමු පියවර යටතේ ලබන මාසය තුළ මාතෘ හා ළමා සායනයන් 5ක නියමු ව්‍යාපෘති ආරම්භ කරන අතර මේ වසර අවසාන වීමට පෙර වෛද්‍ය මධ්‍යස්ථානය 50ක් ආරම්භ කිරීම පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමදී හෙලි වුණා.

රජයේ ඉලක්කය වී ඇත්තේ ලබන වසර අවසාන වන විට රටපුරා වෛද්‍ය මධ්‍යස්ථාන 1000ක් ආරම්බ කිරිම යැයිද මෙහිදි අනාවරණය වී තිබෙනවා.

තෝරාගත් මාතෘ හා ළමා සායනයන් අලුත්වැඩියා කිරීම සහ ප්‍රමාණය විශාල කර සැකසීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

මෙහි ළමා හා මෘතා සායනයන් පෙර පරිදිම සිදුකරන අතර ඊට අමතරව වෛද්‍ය සායනයන් පවත්වාගෙන යාමට කටයුතු කරනු ඇති.

මෙම වෛද්‍ය සායනයන් තුළ බාහිර රෝගී අංශයන් , සායන, රසායනාගාර පහසුකම් සැලසීමට සැලසුම් කර ඇති අතර එමගින් රෝහල්වල පවතින අධික තදබදය අවම වනු ඇති බවද පැවසේ.

එක් වෛද්‍ය සායනයක් රෝගීන් 5000 – 10000ක් වෙනුවෙන් වෙන් කිරීම මෙහි ඉලක්කය වී ඇත.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානයන් සඳහා පුහුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සොයා ගැනීම මේ දිනවල සිදුවෙමින් පවතින බවද වාර්තාවේ.