සම්බා සහ කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල වහාම ඉවත් කරන ලෙස එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
පොළොන්නරුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියේ රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිලට සම්බා සහ කීරි සම්බා අලෙවි කළ නොහැකි බවයි.