ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2024/25 මහා කන්නය සහ 2025 යල කන්නය සඳහා බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
මෙහි අපේක්ෂාව වී තිබෙන්නේ අදාළ වගා කන්නයන්හි බඩ ඉරිඟු වගාවන්ගේ තත්ත්වය පිළිබඳ නිවැරදි දත්ත එක්රැස් කිරීමයි.
මෙම ලියාපදිංචි කිරීම සඳහා ගොවීන්ට ‘www.agrarian.lk’ හෝ ‘www.agrariandept.lk’ යන වෙබ් අඩවි ඔස්සේ පිවිසීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එහිදී ගොවීන් පෞද්ගලික තොරතුරු සහ වගා කටයුතු පිළිබඳ විස්තර ඇතුළත් කළ යුතුයි.
2024/25 මහා කන්නයේ සහ 2025 යල කන්නයේ බඩ ඉරිඟු වගා කර ඇත්ද යන්න ද මෙහි විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා.
ලියාපදිංචි කිරීමේ පෝරමය සම්පූර්ණ කිරීමෙන් පසු, ‘ලියාපදිංචි කරන්න’ (Submit Registration) බොත්තම ක්ලික් කිරීමෙන් ක්‍රියාවලිය සම්පූර්ණ කළ හැකියි.
මෙම කටයුත්තේදී තාක්ෂණික සහාය අවශ්‍යවන ගොවීන් සඳහා 0113430758, 0113474282, 0113452990, හෝ 0113430759 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වීමට අවකාශය සලසා දී තිබෙනවා.