එක්දින සේවාව යටතේ පැය 4න් ගමන් බලපත්‍රය ඔබේ අතට

ඊ තාක්ෂණය භාවිතයෙන් ගමන් බලපත්‍ර ඉදිරියේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික්ක රැසකින් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ද නියමිතයි.

එක්දින සේවාව යටතේ නිවැරදි ලෙස අයදුම්පත්‍ර භාරදීමෙන් පසු පැය හතරක් තුළ දී ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ හැකියාව මේ වන විට පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක මහේෂ් කරුණාදාස මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාසික ආදායම ද මේ වන විට ඉහළගොස් ඇති බව මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ  කෙරිණි.