T- 56 වර්ගයේ ජීව උණ්ඩ 5ක් , 9MM වර්ගයේ උණ්ඩයක් සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකකරුවකුවන් දෙදෙනකු පොලිසිය ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිහිගහතැන්න ප්රදේශයේ පදිංචි පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන අවුරුදු පනස්තුනක් වයස ඇති ජයසිංහ නමැත්තෙකු T- 56 වර්ගයේ ජීව උණ්ඩ 5ක් , 9MM වර්ගයේ උණ්ඩයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි මීගහතැන්න පොලිසිය සඳහන් කරන්නේ,
මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකකරුවෙකු ඇතිමලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොටියාගල වත්තේගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිස් නවයක් වයස ඇති ජයලත් නමැති සැකකරුවකු එලෙස අත්අඩංගු ගත් බවයි ඇතිමලේ පොලිසිය සඳහන් කරන්නේ,