2025 දෙවන භාගයේ මූල්‍ය පද්ධති අවදානම් පිළිබද නීරීක්ෂණ නිකුත් වෙයි

2025 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, පසුගිය සමීක්ෂණයට සාපේක්ෂව කෙටි කාලීනව මූල්‍ය පද්ධතිය කෙරෙහි ප්‍රතිචාර දක්වන්නන්ගේ විශ්වාසය වැඩිදියුණු වී ඇති අතර, මධ්‍ය කාලීනව එහි සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා.

මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන් තුළ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය, මූල්‍ය පද්ධතියට බලපෑම් ඇති කළ හැකි අවදානම් මූලාශ්‍ර සහ එවැනි අවදානමක් හටගැනීම පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන්හි නිරීක්ෂණ සංක්ෂිප්තයක් ලෙසයි ඉදිරිපත් කෙරෙන්නේ.