සැප්තැම්බර් මාසයේ පළමු දින 10 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් 52000 ක් වෙයි

මෙම මාසයේ පළමු දින 10 තුළ දී විදෙස් සංචාරකයන් පනස්දෙදහසකට අධික පිරිසක් මෙරටට පැමිණ තිබෙන  බව සංඛ්‍යා ලේඛණ  මඟින් පෙන්වා දෙයි.

ඒ අනුව අපේක්ෂිත සංචාරක ඉලක්කය කරා ළගා විය හැකි බවට එහිදී  තහවුරු වී ඇත.

මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

පසුගිය මාසයේ දී විදෙස් සංචාරකයන් එක්ලක්ෂ අනූඅටදහස් දෙසිය තිස්පස්දෙනෙකු මෙරටට පැමිණියහ.

පසුගිය වසර සමඟ සැසදිමේ දී එය 20.4%ක වර්ධනයකි. මේ මස පළමු දින 10 තුළ දී සංචාරකයන් පනස්දෙදහස් දෙසිය හතලිස් හයදෙනෙකු මෙරට සංචාරයට  පැමිණ සිටියහ.

ඒ අනුව ජනවාරි පළමුවනදා සිට සැප්තැම්බර් 10 වනදා දක්වා කාලය තුළ පැමිණ ඇති විදෙස් සංචාරකයන් පිරිස 1,618,769 දක්වා ඉහළ ගියහ.

වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වීම විශේෂත්වයකි.

එය ප්‍රතිශතයක් ලෙස 27.4%ක් වී ඇත.

ඇමෙරිකාව, ජර්මනිය, චීනය ආදි රටවලින් ද සැලකිය යුතු පිරිසක් මෙරටට පැමිණ තිබේ.