සමාජ මාධ්‍ය සදහා සීමා පැනවීමට නේපාල රජය ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව දැවැන්ත විරෝධතා ක්‍රියාත්මක වීමත් සමග එරට තුළ ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය දින 05 කට පසු ඉවත් කිරීමට අද (13) පියවර ගැණුනා.
ඒ අනුව, කත්මණ්ඩු අගනුවර ඇතුලු ප්‍රදේශවල වෙළෙඳසැල්, සාප්පු සංකීර්ණ විවෘත කර ඇති අතර දෛනික ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නේපාල හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි එරට නව අන්තර්කාලීන අගමැති ලෙස දිවුරුම් දුන් අතර, එවන් පසුබිමකයි රට මෙලෙස යථා තත්ත්වයට පත්ව ඇත්තේ.
නව අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද පියවර ගත්තා.