පොලීසිය පැවසුවේ එම පැමිණිලිවලින් පොලිසියට අදාළ සියලු පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව.
ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබේ.
මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් 071 – 8598888 යන වට්ස්ඇප් අංකය පසුගියදා හඳුන්වා දුන්නේ ය.
කෙසේ වෙතත් එම අංකයට ලැබෙන ඇතැම් පැමිණිලි පොලිසියට අදාළ ඒවා නොවන බවද පොලිසීය ප්‍රකාශ කරන ලදි.
එබැවින් ඒ සඳහා පැමිණිලි යොමු කිරීමේදි පොලිසියට අදාළ පැමිණිලි පමණක් යොමු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.