අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් වන චාලි කර්ක් ඝාතනයේ සැකකරු ටයිලර් රොබින්සන් අත්අඩංගුවේ පසුවන බව එරට නිලධාරීන් ප්රවෘත්ති සාකච්ඡාවකදී නිවේදනය කර ඇත.
අමෙරිකාවේ යූටා හි විශ්වවිද්‍යාලයක දේශනයක් පවත්වමින් සිටියදි පසුගිය බදාදා වෙඩි ප්‍රහාරයකට ලක්වු තරුණ දේශපාලන ක්‍රියාකාරි චාලි කර්ගේ ඝාතනය විය.
කර්ක්ට වෙඩි තැබිමෙන් පසු සැකකරු පලායන දර්ශන පෙළක්ද මාධ්‍යයට එෆ් බී අයි සංවිධානය නිකුත් කර තිබුණි.
මෙම වෙඩි තැබිම සිදුකරන්නට ඇති බවට සැකකරන අධි බලැති රයිෆලයද එරට පොලිසිය විසින් සොයාගෙන ඇත.
31 හැවිරිදි චාලි කර්ක්ගේ ගෙල ප්‍රදේශයේ ආසන්නයටයි මෙම සාහසික වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණි.