රතන හිමිට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.

2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා, එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් උන්වහන්සේට චෝදනා එල්ල වී තිබෙනවා.