කෙහෙළියගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව අධි චෝදනා ගොනු කෙරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්, රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව, දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

නීති විරෝධී ලෙස, රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.