රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් තේරී පත්වී තිබෙනවා.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ඔහු මෙලෙස පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල විසින් මෙම සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා කර ඇති අතර රෝහිත අබේගුණවර්ධන විසින් එය ස්ථිර කර තිබෙනවා.
අනතුරුව කාරක සභාව අමතමින්, අභිනව සභාපතිවරයා කියා සිටියේ දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලුම සාමාජිකයන්ගේ සහයෝගයෙන් සිය ධුරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.